පසුගිය වසර කිහිපය තුල මාගේ ප්‍රධානම විනෝදාංශය වීඇත්තේ සංගීතයයි. ගී ගැයීමට කිසිදු සහජ හැකියාවක් නැති නමුත් වාදනයට හා එහි ශාස්ත්‍රීය අංශයට කවදත් මම ඇලුම්කලෙමි. ලංකාවෙදී අපට අසන්නට ලැබෙනවාට වඩා ඉතා පලුල් පරාසයක සංගීත වර්ග පහසුවෙන් විදේශ රටවලදී අසන්නට/රසවිඳින්නට ලැබෙයි/සිදුවෙයි. මෙය ඉතා හොඳ දෙයක් යැයි සිතුනද එක් අතකින් නරකක්ද ඇත. එනම් කිසිවක් ගැඹුරින් ග්‍රහණයකරගැනීමට අවකාශයක් නොලැබීමයි. (අන්තර්ජාලය තුලින් කාටඋවත් දැන් ඕනෑම ගීයක් මිලදී/හොරෙන් බාගතහැකි බව සැබෑවකි. නමුත් ඇසීම/රසවිඳීම මේ මිලදීගතහැකිවීමට එහාදිවෙන ක්‍රියාවලියකි)
සංගීතය විශ්ව භාෂාවක්යැයි බොහෝ අය කියති. නමුත් මට නම් සංගීතයේ කිසිම විශ්ව බවක් නොදැනේ. එයත් තවත් එක් (මියුරු)භාෂාවකි. එය ඉතාහොඳින් අවබෝධවන්නේ වෙනස් වෙනස් සංගීත වර්ගයන් අසනතරමටය, ඒ ඒ සංගීතයන්හි ශාස්ත්‍රීය අංශය අධ්‍යනයකරණ විටය.
තවත් වැදගත් කරුණක් නම් වෙනස් වෙනස් සංගීත වර්ගයන් අසනතරමට ගීත/සංගීතය තුල ගායනයට වඩා වාද්‍ය සංගීතය සංවේදනය වන්නට පටන්ගනුඇත. සංගීතයට ඌනනය කලනොහැකි ගී බොහෝ ඇත. නමුත් ඒ හැම ගීයක්ම සංගීතයක්/ගායනයක් නැතිව උවද එතරම්ම රසවත්ය. (මෙය ඉතා විවාදාත්මක මතයක් උවද අවම වශයෙන් ඒ මට හිතෙන හැටිය.)
මා ලියන්නට බලාපොරොත්තුවන සංගීත බ්ලොග් සටහන්වලට මේ පූර්විකාව හොඳටම ඇතැයි සිතමි.
මා ඉහත බොහෝවිට ශාස්ත්‍රීය යන වචනය යෙදුවත් ඒ ශාස්ත්‍රීය සංගීතය හෝ සම්භාව්‍ය සංගීතය යන අර්ථයෙන් නොවේ. ඉතා සරලව ගතහොත් ඕනෑම (සං)ගීතයක නාද රටා විශ්ලේෂණය කොට එහි ස්වර/ස්වර පංති ඒආකාරයට පෙල ගැස්වී ඇත්තේ ඇයිදැයි සෙවීම ශාස්ත්‍රීය අංශය අදහස්කරමි.

දසුන් සමීර෴ said,
September 5, 2007 at 7:54 am
එක ඇත්ත සංගීතයේ කිසිම විඹව බවක් නෑ. අනිත් එක සංගීතය කියන්නේ ගැඹුරු විශයකුත් නොවෙයි(මා සිතන හැටි) එය සරලවිශයකි. නමුත් අන් සෑම කලාවකටම වඩා මානුෂික හැඟීම්(වෙනත් සතුන්ට දැනෙන හැඟීම් ගැන අත්දැකීමක් නොමැත) දැක්විය හැකිබව සිතමි. අපේ රටේ බොහෝදෙනා සංගීතය කියා කියන්නේ පද රචනාවටයි.