පැණි වරකා ගහට හෙණ ගැහීම

කොටි වෙබ් අඩවිය දේශීය සේවාදායකයන් හරහා පිවිසීමට ලංකාරජය විසින් වාරණයකොටති‍බීම මේ දිනවල බොහෝ අයගේ විවේචනයට ලක්වෙයි. පේනෙන හැටියට ලංකාවේත් බොහෝ ජාල හා ජංජාල මාධ්‍යවේදීන්ගේ ප්‍රවෘති සැපයුම්කරු කොටි වෙබ් අඩවිය වාගෙයි.


පළමුවෙන්ම කිවයුතුදෙය නම් මෙය කිසිම ඵලක් නොමැති අනවශ්‍ය ක්‍රියාවකි. රජයේ සිටින තවත් එක් මුග්ධ ICT උපදේශකයෙකුගේ වැඩක් වගෙයි. ලොකයේ බොහෝ රටවල් මෙවැනි ජංජාල වාරණ කරන්නට දඟලයි, නමුත් කිසිවෙකුට එය හරියට කරගන්නට බැරිවී ඇත. මේ වෙලාවේ රජය උත්සාහකලයුත්තේ මෝඩ උපදේශකයන්ගේ උගුල්වල නොපැටලී කරගෙනයන වැඩේ කෙලවරක්කිරීමයි.

දැන් අපි අපේ සාම-ජාලකාරයන්ගේ වෙබ් කුලප්පුව ගැනත් කතා නොකලොත් අඩුවකි.

එකෙකුට අනුව ටැමිල් නෙට් යනු නිදහස් මතධාරීන් පිරිසකගේ අඩවියකි.
තව එකෙකුට අනුව එය ලේක්හවුස් පත්තරයක් වාගේය.
කොටි වෙබ් අඩවිය හිර කිරීම මෙයාලාට හරියට “පැණි වරකා ගහටත් හෙණ ගැහුවා” වාගේළු.

ඇත්ත!ඇත්ත! අපූරු පැණි වරකා ගහත. මොනවද මේ කතා.


මේ ගැන ඉංගිරිසියෙන් බ්ලොගක් ලියන‍ අයෙකු කියාතිබුනේ
“ටැමිල් නෙට් නැතිඋනාට මොකද, මේ සාම-ජාලකාරයන්ගේ වෙබ් අඩවි තියෙන්නේ ඒ වැඩේ ඊට වඩා හොඳට කරගෙනයන්න.”
මසුරං කියමන.

6 Comments

  1. June 21, 2007 at 3:47 am

    හිතවත් නාමල්,
    ඔය පැණි වරකා ගහේ කතා ව ලියපු “එකා” තමයි‍ මම. කණගාටුයි කියන්න. මම එහිදී පැණිවරකා ගහ යන්නෙන් අදහස් කර ඇත්තේ අන්තර්ජාලය බව කාටත් පැහැදිලි යි කියලයි මම හිතුවේ. එයින් ටැමිල් නෙට් වෙබ් අඩෙවිය නෙවෙයි අදහස් වෙලා තියෙන්නෙ. අන්තර්ජාලයටත් අත තියපු වාරණය අනිත් මාධ්‍යවලට අත තැබීම ගැන කවර කතා ද?
    ඕකයි එයි තේරුම. ඔබේ හිත රිදුණා නම් සමා වෙන්න. ඒත් මම ඉතා ආදරයෙන් ආරාධනා කරනවා ආයෙත් ඇවිත් එය කියවා බලන්න. සමහර වෙලාවට හිතේ කැමැත්තට ලියලා තියෙන දේට වඩා වෙනත් දේවලි තමයි එක පාරය යමක් දැක්කාම පේන්නෙ. ආයෙත් බලන්න නිකමට වගේ. ස්තුතියි.
    ආනන්දවර්ධන

  2. June 21, 2007 at 3:49 am

    ඉතින් මම සාම ජාල කාරයෙකුත් නෙවෙයි. ඒකත් එකතු කරන්න එපාය නේ ද? ඔබට වූ අත්වැරැද්ද නිවැරදි කරන්න මිසක් කිසිම තරහකින් හෙම නෙවෙයි මේ කියන්නෙ. ස්තුතියි.

  3. June 21, 2007 at 5:30 am

    මට පෙනෙන විදිහට “නිදහස් මතධාරීන්ගේ අඩෙවි” යන යෙදුමත් ඔබ සන්දර්භයෙන් වියුක්ත කොට ගෙන ඇත්තේ මගේ ම ලිපියෙන්. සිළු
    මම කියා ඇත්තේ නිදහස් මතධාරී බ්ලොග් අඩෙවිත් වාරණය කිරීමේ ඉඩක් ඇති බවයි. මේ කිසිවක් ටැමිල් නෙට් වෙබ් අඩෙවිය ගැන කී දෑ නෙවෙයි.

  4. නාමල් අමරසිංහ said,

    June 21, 2007 at 7:59 pm

    මතය නිදහස් වුවත් නැතත් බලය තියෙන එකා(ආණ්ඩු විතරක් නොවේ) පුළුවන් හැම අවස්තාවකම ඌට විරද්ධ එකාගේ මතය කොහොමහරි යටපත් කරන්න තමයි ඳඟලන්නේ. අන්තර්ජාල සුරංගනාලෝකයට මේ ධර්ම තාවයෙන් ගැලවෙන්න බෑ. හැමෝම දඟලන්නේ චීන-ඉන්දු -පාකිස්තාන-ඉරාන-ලංකා අය කරණකොට විතරයි. ඇමරිකාව-බ්‍රිතාන්‍ය හැමදාම ඔය වාරණය කරනවා.එක ජාලකාරයෙක්වත් කටක් අරින්නැහැ. එකක් ඒ විස්තර මේගොල්ලන්ගේ හාම්පුතාල මෙයාලට කියන්නේ නැතිනිසා, අනික ඒගැන හොයලා කිව්වට කුලිය ලැබෙන්නැති නිසා.

    හිතවත් ආනන්ද මහතානෙණි,
    ඔබ කවුදැයි මානොදනිමි.එය මට වැදගත් නැත. නමුත් ඔබ ඉදිරිපත් කරනා අදහසක් සාම-ජාලයේ අදහසම නම් මට ඔබව ඉන් වෙන්කොට පිලිතුර දියහැකි/යුතු නොවේ. හිත රිදුණා නම් කණගාටුයි.
    මම පුද්ගලයන්ව කලු/සුදු විදියට දකින්න කැමති නැහැ. ඒත් යම් යම් අදහස අරන් ඊට නිසි අයුරින් පිලිතුරු දීමට සිදුවෙනවා.
    අන්තර්ජාලයට අලුතින් එන අය පහසුවෙන්ම සරල ලාබ පුචාරකවාදට හසුවී, තමනුත් මේ ජාත්‍යන්තර පුජාවේ ආඩම්බර කොටස්කරුවෙක් යැයි සිහනයක පැටැලෙති. යම්තරමකින් හෝ මට මොවුන්ව එම බොළඳ සිහිනවලින් අවදි කිරීමට හැකි නම් මම ඊට බොරු සදාචාරය හෝ සිරිත්විරිත් බාධාවක් කරගැනීමට සූදානම්නැත.

    තොප්පිය හරිනම් දාගත්තාට කමක් නැහැ.
    ============================================
    මම කට කැපුවත් කියන්න තියෙනදේ කියනවා.

  5. June 22, 2007 at 3:10 am

    එය ඉතා හොඳයි. මගෙන් ඔබට සුබ පැතුම්.

  6. VKS said,

    June 25, 2007 at 3:28 am

    මම කට කැපුවත් කියන්න තියෙනදේ කියනවා.

    Api baya vei ovata.

    Api vale unath thama kelin mallee. Hondada?


Leave a comment