පෙරදිග මුසුව (Oriental Fusion)


ලාංකීය සම්භාව්‍ය සංගීතයක් අද්දැයි කිවනොහැක. මට මතකයි ප්‍රබුද්ධ/පීචං සංගීත ගැන විවාදයක් කලකටපෙර. සුනිල ශාන්ත, රන්වල බැද්දගේ ආදීන් ගේ උත්සාහයන් හැරුණුකොට සැළකියයුතු ශ්‍රී ලාංකීය යැයි කිවහැකි සංගීතයක් අපට තිබේද?

සිංහල ජනශ්‍රැතිය ශාස්ත්‍රීයව අද්‍යනයක යෙදෙන අමරදාස වීරසිංහ මහතා පවසන්නේ සිංහල ජන සංගීතය බොහෝවිට ස්වර හතරක් හෝ වැඩිම වශයෙන් පහක් ආශ්‍රිතව ගොඩනැගී ඇතිබවයි(පූර්ව ස්වර චතුස්ඨකය-ස,රි,ග,ම). ඉන්දියානු රාගධාරී සංගීතය හදාරා ලංකාවට පැමිණි විශාරදයන්ට ස්වර හතරක සංගීතය විහිලුවක්විය(අශ්ඨක දෙක තුනක් හරහා විහිදෙන). බටහිර සම්භාව්‍ය සංගීතය උගත් අයට (ස්වර 12 අමතරව එකවිට ස්වර තුන හතරක chordal Harmony යොදාගන්නා) මේ දෙකම විහිලුවක්විය. එයින මෙයින් “හේනේ පැල ඉනි වැට බැඳලා” ගයන්නට උවමනාවූ තරුණ පරපුරට අවසනයේ සිදුවූයේ, තම ගීය මේ තුන්ගොල්ලන්ටම නැති බයිලා බීට් එකට ගැයීමටයි.

මට මේ කතන්දරය කියන්නට හිත් වූයේ ලංකාවේ තරුණයන් කිහිප දෙනෙකුගේ සමූහ වාදනයක් U-Tube හි දැකීමෙන්පසුවය. Oriental Fusion නැමැති සංගීත කණ්ඩායමේ මෙම උත්සාහය පැසසි යුතු ලක්ශණ කිහිපයක් පෙන්වයි. අපේ බොහෝ බටහිර සංගීතය ශ්‍රාවකයන් නතරවන්නේ ඔසීගේ හෝ මෙටලිකාලාගේ මොෂ්-පිට්වල පතුලේ ගංජාගැසූ තඩි ඇමරිකානුවන්ගේ පයට පෑගීයන මිලියනයක් අතර තවත් එක්අයකු පමණක් බවට පත්වෙලාය. මේ මොෂ්-පිට්වල රඟ හැබැහින් නොදැක බංබලපිටියේ රස්තියාදුවන හිප්-හොප්/බ්ලැක්-මෙට්ල් මල්ලිලාට නූතනත්වයේ නාමයෙන් දයාන් ජයතිලක අංකල්ලා තවතව ලනු දෙයි.

නමුත් මේ Oriental Fusion තරුණයන් කිහිප දෙනා ඊට ටිකක් වෙනස් මගක් තෝරාගැනීමම පමණක් උවද පැසසි යුතු කරුණකි. ශීල්පීය, නිර්මාණාත්මක හා කලාත්මක අංශවලින් තව බොහෝ දුර යන්නට මේ තරුණයන්ට ඇතත්, හරි පැත්තට හැරිලා ස්ටාර්ට් කරගත්තු එකත් ජයග්‍රහණයක් කියලායි මම හිතන්නේ. ඔබට අතරමග නොනැවතී ඉදිරියට යාමට ධෛර්යය ලැබේවා!

5 Comments

  1. poetlost said,

    June 22, 2007 at 2:59 am

    I know this is music related, but unfortunately I can’t read Sinhala. Would you mind translating it?

    Thanks,

    Theena

  2. June 22, 2007 at 3:36 am

    ඒක ඇත්ත. මේ අය අතරමග දී ලණු නොකා අතුරු පාරවලට නොහැරී යාම තමයි අභියෝගය. මමත් මේ දැන් ඒ වෙබ් අඩෙවියට ගිහින් අහලා බැලුවා. මේ ගැන දැනුවත් කළාට ස්තුතියි!

  3. නාමල් අමරසිංහ said,

    June 22, 2007 at 5:41 am

    Hi Theena,
    Thanks for visiting. I am sorry I may not be able to translate it to give you the correct meaning and feel. Basically I was trying to introduce a Sri Lankan Band called “Oriental Fusion” with some critique on other blind metal/hip-hop music followers in our country. I was saying sarcastically how one will become just another “one in a million” who get crushed in a KKK type Metal show Mosh-pit, if they cant do some thing of their own. BTW I don’t know about this band other than the few U-Tube clips which are very sub par quality. But it shows that they were trying to go on a direction which I think they can have some uniqueness and acceptance not only in SL but also countries like USA, if they improve the technique,creativity and artistic quality of their playing.

  4. Theena said,

    June 22, 2007 at 12:25 pm

    Oriental Fusion is featured on Rock.lk and I’ve seen their cover of “Andhura” on YouTube. So, yeah, I am familiar with the band.

    I am now wondering why you had to bring the KKK and metal in the same sentence.

  5. poojitha said,

    June 24, 2007 at 9:03 am

    Some times its sad to see SriLankans trying to be American rappers,this group i s a really good example for those stupid idiots


Leave a comment